ඒ යුරෝපා ප්‍රාග් ඓතිහාසික ගුහා චිත්‍රයි..
මෙහිදී මෙම සිතුවම් යුග තුනකට අනුව වෙන් කෙරෙනවා..
එනම්,
- පූර්ව ශිලා යුගය (පැලියෝ ලිතික යුගය) (ක්‍රි.පූ. 40000-20000)
- මධ්‍ය ශිලා යුගය (මෙසෝ ලිතික යුගය) ( ක්‍රි.පූ. 20000-12000)
- අපර ශිලා යුගය (නියෝ ලිතික යුගය) (ක්‍රි.පූ. 12000-5000)
නූතන ශිල්පීන්ට නොදෙවනි දස්කම් විදහාපාමින් අඳින ලද සිතුවම් රැසක් අපිට මේ යුරෝපා ගුහා ආශ්‍රිතව හඳුනාගන්න ලැබෙනවා..
මේ අතර සුවිශේශී ගුහා කිහිපයකි.
ඒවා අතර අපට ඉගෙන ගන්නට ලැබෙන ගුහා අතර ප්‍රධාන වන ගුහා 05ක තොරතුරු මම සරලව ඉදිරිපත් කරන්නම්..
මෙහිදී ස්පාඤ්ඤයේ ගුහා 02කුත් හා ප්‍රංශ ගුහා 03කුත් පෙන්වා දෙන්න පුළුවන්..
ස්පාඤ්ඤයේ - ඇල්ටමීරා
කෝගුල්
ප්‍රංශයේ ඩෝඩෝග්නේ ප්‍රදේශයේ ගුහා- ලැස්කෝ
නියෝ
ෆොන් ඩියු ගෝම්
ස්පාඤ්ඤයේ ඇල්ටමීරා හිදී හමුවන සිතුවම්
1. බයිසන්
2. මැමත්
3. පිනිමුවා
4. වෘකයා
5. වල් ඌරා
6. වල් අශ්වයා
ස්පාඤ්ඤයේ කෝගුල් ගුහාවේ දක්නට ලැබෙන සිතුවම්..
හමුවන චිත්‍ර- නග්න පිරිමි රුවක් වට කර නටන කතුන්.
(මානව රූ හමුවන වැදගත්ම තැන.)
ප්‍රංශයේ ලැස්කෝ ගුහාවේ දක්නට ලැබෙන සිතුවම්..
- ගවයන්
- අශ්වයන්
- පිණි මුවන්
- බයිසන්
විශේෂ රූප- The Hall of Bulls ගවයන්ගේ ගුහාව
අඩි 17 ක බයිසන් ගව රුව
ගව පෙළ
ඉදිරියට පනින ගව රුව
ප්‍රංශයේ නියෝ ගුහාවේ දක්නට ලැබෙන සිතුවම්..
- හී පාර කාගෙන බිම ඇද වැටෙන බයිසන්
- තරබරු මීහරක් දෙදෙනා
- අංසහිත පිණි මුවන්
ප්‍රංශයේ ෆොන් ඩියු ගෝම් ගුහාවේ දක්නට ලැබෙන සිතුවම්..
- මැමත් පෙරහැර
- රයිනෝ සිරස්
- අං සහිත පිණි මුවන්
- අශ්ව රූ
No comments:
Post a Comment
අදහස් යොමු කරන්න..