Friday, 23 November 2018

උසස් පෙළ චිත්‍ර විශය හදාරන ඔබට මගෙන් පුංචි අත්වැලක්

මුලින්ම ආයුබෝවන් කියල පිළිගන්නවා මගේ Blog එක ඔස්සේ සම්බන්ධ වෙන ඔබට.
මම මේ විදිහෙ උසස් පෙළ චිත්‍ර විශයට අදාල කරුණු ඇතුලත් කරලා Blog එකක් නිර්මාණය කිරීමට හිතුවෙ.. මමත් උසස් පෙළ විශයට චිත්‍ර විශය හැදෑරුව නිසා.. මම පාසලේදි චිත්‍ර විශය ඉගෙන ගනිද්දි කිසිම දවසක අමතර පන්තියකට නම් සහභාගි වුණේ නැහැ. නමුත් නිතරම ඒ හා සම්බන්ධ.. චිත්‍ර විශයට අදාල පොත්පත් බොහෝමයක් පරිහරණය කලේ හරිම ආසාවෙන්.. මොකද මගේ ආසම විශය චිත්‍ර නිසා.. ඒ වගේම හොඳ ගුරුවරියක් මට හිටිය නිසා..

ඒ අතර තුරදි තමයි මම අන්තර්ජාලය හරහා තව තවත් කරුණු හොයන්න ගත්තෙ. උසස් පෙළ චිත්‍ර විශයට අදාල තවත් සටහන් කරුණු දැන හොයා ගන්න..

නමුත් බොහොම ටිකයි හොයාගන්න පුළුවන් වුණේ මට.. සිංහල භාශාවෙන් ඇති තොරතුරු..

ඉතින් මට හිතුණා මෙවැනි blog අඩවියක් තිබුණොත් මම වගේම චිත්‍ර විශයට අදාල කරුණු හොයන ගොඩක් නංගිලා මල්ලිලාට උපකාරයක් වෙයි කියලා..

ඉතින් මම තීරණය කරා ArtsNotes Blog අඩවිය නිර්මාණය කරන්න.

චිත්‍ර කලා විශයට අදාල මා දන්නා කරුණු සියල්ලම පාහේ ඔබ හා බෙදාගැනීමට සූදානම්..

ඒ ව්ගේම Blog අඩවිය හරහා සම්බන්ධ වන යාළුවන්ගෙන් කරන පුංචි ඉල්ලීමක් කරන්න මම කැමතියි..

මම මේ ගොනු කරලා තිබෙන කරුණු වල යම් අඩුපාඩු කමක් තියෙනවනම් ඒ පිළිබඳව හා ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා සියල්ලම වගේ පහත කමෙන්ට් බොක්ස් එකේ සටහන් කරන්න ඔයාලට පුළුවන්..

තෙරුවන් සරණයි!!! God bless You!!!

No comments:

Post a Comment

අදහස් යොමු කරන්න..