මිසර කලාව
ප්‍රථම "පඩි පිරමීඩය" ක්‍රි.පූ. 2630- 2611 ඩිජෝසර් කාලයේදී ඉදි විය.
මිසර ගෘහ නිර්මාණ කලාවේ ප්‍රධාන අංග.
- පිරමීඩ
- පර්වත හාරා ඉදි කරන ලද දේවාල.
- ගොඩ නගන ලද දේවාල
මිසරයේ ඉදි වූ සුවිසල් පිරමීඩ
- කුෆු හෙවත් චියොප්ස් ( ගීසා පිරමීඩය 07 වැනි ලෝක පුදුමය)
- කාෆ්රේ හෙවත් චෙප්රන්
- මෙන්කවුරේ හෙවත් මයිසරිනස්
පර්වත හාරා ඉදි කරන ලද දේවාල
- අබුසිම්බල්
( දෙවන රම්සෙස් පාරා රජුගේ දේවස්ථානය. දොරටුව දෙපස පාරා රූ සතරකි. අන්තරාලය දෙපස ඔරිසිසි දෙවියන් ලෙස සැලකෙන රම්සෙස් රූ අටකි. දෙවොල ඇතුලේ දෙව් රූ සතරකි.අන්තරාලය දෙපස බිත්ති හා කුළුනු කැටයමින් යුක්තයි. නයිල් ගංගාවට මුහුණලා කණින ලද පර්වතයක ඉදිකර ඇත. අස්වාන් වේල්ලෙන් යටව නැවත ගොඩගෙන ඇත.)
- හැත්ෂෙප්සුට්
( මිසරයේ ඩා-එල්-බාර් හී දක්නට ඇත.)
ගොඩ නගන ලද දේවාල
- එඩ්ෆු (හොරස් දෙවියන් උදෙසා ඉදි කරන ලදී.)
- කානැක් (ආමන් හිරු දෙවියන් උදෙසා ඉදි කරන ලදී.)
- ලැක්සෝ (කානැක් දෙවොලට සමානයි.)
මිසර මූර්ති
- ස්පින්ක්ස් ( යෝධ කල්පිත සත්ත්ව රුවකි. මිනිස් හිසක් හා සත්ත්ව ඇඟකි. මේවා පිරමීඩ වලට ඉදිරියෙන් දක්නට ලැබේ.)
- කාෆ්රේ (කාෆ්රේ දෙවොලෙන් හමුව ඇත. මෙහි පිටුපස ඇති උකුසු රුව හිරු සංඛේතවත් කරයි. එමෙන්ම ඒ අසල පැපිරස් ගස සහ නෙළුම් මල් නෙලා ඇත.)
- රහොටෙප් හා නෝප්රෙට් ( රහොටෙප් සොහොන් ගෙයින් හමුවී ඇත.)
- ස්ක්රයිබ් (ලියන්නා මූර්තිය. ස්වාමියා පවසන යමක් ලිවීම්ට සැරසී සිටින පුද්ගලයෙකුගේ රුවකි. හුණු ගලින් කර වර්ණ ගන්වා ඇත. එක් අතක පැපිරස් පත්‍රයක් හා අනෙක් අතේ ලිවීමට භාවිතා කරන උපකරණයක් ඇත.)
- නෙෆර්ටිටි (මිසර අමර්ණ යුගයේ නිමවූ ඇක්නේටන් රජුගේ බිසව රජුගේ මරණින්පසු පාලනය භාරගත් රැජිණියකි. හුණු ගලින් නිම කර වර්ණ ආලේප කර ඇත. සාම්ප්‍රදායික මිසර මූර්ති කලාවෙන් මිදී ස්වාභාවික ලක්ෂණවලට මුල්තැන දී ඇත.)
මිසර මූර්ති වල දැකිය හැකි ලක්ෂණ.
- ඍජු බව.
- ජ්‍යාමිතික ලක්ෂණ.
- ක්‍රියාකාරීත්වයෙන් තොර බව.
- සිටගෙන සිටින පිරිමි රෑ වල පාදයක් ඉදිරියට තබා තිබීම.
- පිරිමි රූ වල්ට කෙටි ඇඳුමක්ද කාන්තා රූ වලට මුළු සිරුරම ආවරණය වන පරිදි දිගු ඇඳුමක්ද යොදා තිබීම.
මිසර කැටයම්
හෙසීරා කැටයම (දැවමය පනේලයක් මත නෙලා ඇති පාර්ෂව දර්ෂී රුවකි. වම්පසට බරව නෙලා ඇත. පනේලයේ සමබරතාවට වමතින් උල්යෂ්ටියක් හා ලියන උපකරණයක් දක්වා ඇත. පනේලයේ ඉහල කොටසේ රූපාක්ෂර යොදා ඇත.)
සාදයක් සඳහා ගොනෙකු සතරට පළන අයුරු දැක්වෙන කැටයම (සකරා හී ඉඳුත් පාරා කුමරියගේ සොහොන් ගැබෙන් හමුව ඇත.)
මිසර චිත්‍ර
ගොවිතැන්, යුධ දර්ශන , දඩයම් දර්ශන හ්හා විවිධ කර්මාන්ත සිද්ධි පිරමීඩ හා දේවස්ථාන තුල ඇඳ ඇත. ඉන් පාරාවන්ගේ ජීවන තොරතුරු හෙලි වේ. සමාන්තර රේඛා අතර තිරස්ව විහිදී උඅන අයුරින් ඇඳ ඇත. අර්ධ තාත්විකයි. ශෛලීගතය. හයිරොග්ලිෆික්ස් රූපාක්ශර භාවිතා කර ඇත.
කුරුළු දඩයම
- තීබස් හී නෙබමන් සොහොන් ගෙයින් හමුව ඇත.
- සාම්ප්‍රදායික හා ස්වාභාවික ලක්ෂණ අතර සම්මිශ්‍රණයකි.
- පැපිරස් පත්‍ර අතරින් ඔරුවක නැඟී වංශාධිපතියෙකු දඩයමේ යෙදෙයි. සතුන් ස්වාභාවික පරිමාණයෙන් ඇඳ ඇත.
මීඩම් හී පාත්තයෝ
මීඩම් හී ඉටෙට් නම් මස්ටාබාව තුලින් හමු වී ඇත.
එකා පසුපස එකා ඇදෙන පාත්ත රැලක සිතුවමකි. ස්වාභාවික පරිමාණයෙන් ඇඳ ඇත.
මිදි කැඩීම
මිසර කලා කරුවෝ දෙවිවරුන් විශාල සංඛ්‍යාවක් වන්දනා මාන කළහ.
- ඔරිසිස් (Orisis) - මරණය හා සබැඳි දෙවියෙකි. නැතහොත් මරණය පිළිබඳ විනිශ්චය කරන දෙවියෙකි.
- ඇනුබිස් (Anubis) - මෘත ශරීර නරක් නොවී ආරක්ෂා කරන දෙවියා.
- රේ (Re) - සූර්ය දෙවියා.
- ඊසිස්
- හොරස්
- බල දේවතාවිය
Still Editing.... .... .... .... ....