Saturday, 20 July 2019

ඉන්දු නිම්න ශිෂ්ටාචරය

                        ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලා නිර්මාණ හමු වන්නේ ඉතාමත් මද වශයෙනි..
මේවා,

  1. මිනිස් රූ
  2. මුද්‍රා
  3. සෙල්ලම් බඩු
  4. ආභරණ
  5. මැටි බඳුන් වේ.


                       ඉන්දු නිම්න වැසියන් තුල තිබූ ඇදහිලි හා විශ්වාස හා සමාජයීය සසම්බන්ධට්ගා මේ කලා නිර්මාණ තුළ දක්නට ඇත.
                       වෙනත් ශිෂ්ටාචාර හා පැවති සම්බන්ධතා ද ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලා කෘතිවලට බලපා ඇති බව පෙනේ.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේන් හමු වූ කලා කෘති අතර,


  1. රතු වැලි ගලින් කරන ලද කවන්ද මිනිස් රුව
  2. අළු වැලි ගලින් කරන ලද කවන්ද මිනිස් රුව
  3. පූජක් රුව
  4. නළඟ මූර්තිය
  5. මුද්‍රා
  6. මැටි බඳුන් හා ආභරණ

                           එමෙන්ම සුවිශේෂී තැනක් ගනු ලබන මව්දෙවඟන හෙවත් ජගන් මාතා ටෙරාකොටා මූර්ති.


  • රතු වැලි ගලින් කරන ලද පිරිමි කවන්ද රුව
  • හරප්පාවෙන් හමු වී ඇති මෙය දැනට නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
  • රතු වැලි ගලින් කරන ලද මෙය පිරිම්ජ් කවන්ධ රුවකි.
  • අඟල් 03 1/2 ක් පමණ උස් වූ මෙම රුව ඉන්දු නිම්න වැසියන් තුළ තිබුණ්ජ් මානව රුව නිර්මාණය කිරීමේ පිළිබඳව වූ දක්ෂතාවය හා කුසලතාවය මැනවින් පිළිබිඹු කරයි.
  • පිරිපුන් දේහ ලක්ෂණයන් වගේම ස්වාකභාවිකත්වය එමෙන්ම මට සිලිටි නිමාව නිසා උසස් ශිල්පීය නිපුණතාව පැහැදිලි කරයි.
  • මෙසපොතේමියානු කලාශිල්පවල ආභාසය මේවාට බලපා ඇතැයි විචාරක මතයයි.
Still editing.....

Saturday, 24 November 2018

මිසර කලාව

මිසර කලාව 

ප්‍රථම "පඩි පිරමීඩය" ක්‍රි.පූ. 2630- 2611 ඩිජෝසර් කාලයේදී ඉදි විය.


මිසර ගෘහ නිර්මාණ කලාවේ ප්‍රධාන අංග.

  • පිරමීඩ
  • පර්වත හාරා ඉදි කරන ලද දේවාල.
  • ගොඩ නගන ලද දේවාල



මිසරයේ ඉදි වූ සුවිසල් පිරමීඩ

  • කුෆු හෙවත් චියොප්ස් ( ගීසා පිරමීඩය 07 වැනි ලෝක පුදුමය)
  • කාෆ්‍රේ හෙවත් චෙප්‍රන්
  • මෙන්කවුරේ හෙවත් මයිසරිනස්


පර්වත හාරා ඉදි කරන ලද දේවාල

  • අබුසිම්බල් 
( දෙවන රම්සෙස් පාරා රජුගේ දේවස්ථානය. දොරටුව දෙපස පාරා රූ සතරකි. අන්තරාලය දෙපස ඔරිසිසි දෙවියන් ලෙස සැලකෙන රම්සෙස් රූ අටකි. දෙවොල ඇතුලේ දෙව් රූ සතරකි.අන්තරාලය දෙපස බිත්ති හා කුළුනු කැටයමින් යුක්තයි. නයිල් ගංගාවට මුහුණලා කණින ලද පර්වතයක ඉදිකර ඇත. අස්වාන් වේල්ලෙන් යටව නැවත ගොඩගෙන ඇත.)

  • හැත්ෂෙප්සුට්
 ( මිසරයේ ඩා-එල්-බාර් හී දක්නට ඇත.)



ගොඩ නගන ලද දේවාල

  • එඩ්ෆු (හොරස් දෙවියන් උදෙසා ඉදි කරන ලදී.)
  • කානැක් (ආමන් හිරු දෙවියන් උදෙසා ඉදි කරන ලදී.)
  • ලැක්සෝ (කානැක් දෙවොලට සමානයි.)



මිසර මූර්ති


  • ස්පින්ක්ස් ( යෝධ කල්පිත සත්ත්ව රුවකි. මිනිස් හිසක් හා සත්ත්ව ඇඟකි. මේවා පිරමීඩ වලට ඉදිරියෙන් දක්නට ලැබේ.)

  • කාෆ්‍රේ (කාෆ්‍රේ දෙවොලෙන් හමුව ඇත. මෙහි පිටුපස ඇති උකුසු රුව හිරු සංඛේතවත් කරයි. එමෙන්ම ඒ අසල පැපිරස් ගස සහ නෙළුම් මල් නෙලා ඇත.)

  • රහොටෙප් හා නෝප්‍රෙට් ( රහොටෙප් සොහොන් ගෙයින් හමුවී ඇත.)

  • ස්ක්‍රයිබ් (ලියන්නා මූර්තිය. ස්වාමියා පවසන යමක් ලිවීම්ට සැරසී සිටින පුද්ගලයෙකුගේ රුවකි. හුණු ගලින් කර වර්ණ ගන්වා ඇත. එක් අතක පැපිරස් පත්‍රයක් හා අනෙක් අතේ ලිවීමට භාවිතා කරන උපකරණයක් ඇත.)

  • නෙෆර්ටිටි (මිසර අමර්ණ යුගයේ නිමවූ ඇක්නේටන් රජුගේ බිසව රජුගේ මරණින්පසු පාලනය භාරගත් රැජිණියකි. හුණු ගලින් නිම කර වර්ණ ආලේප කර ඇත. සාම්ප්‍රදායික මිසර මූර්ති කලාවෙන් මිදී ස්වාභාවික ලක්ෂණවලට මුල්තැන දී ඇත.)



මිසර මූර්ති වල දැකිය හැකි ලක්ෂණ.

  • ඍජු බව.
  • ජ්‍යාමිතික ලක්ෂණ.
  • ක්‍රියාකාරීත්වයෙන් තොර බව.
  • සිටගෙන සිටින පිරිමි රෑ වල පාදයක් ඉදිරියට තබා තිබීම.
  • පිරිමි රූ වල්ට කෙටි ඇඳුමක්ද කාන්තා රූ වලට මුළු සිරුරම ආවරණය වන පරිදි දිගු ඇඳුමක්ද යොදා තිබීම.


මිසර කැටයම්

හෙසීරා කැටයම (දැවමය පනේලයක් මත නෙලා ඇති පාර්ෂව දර්ෂී රුවකි. වම්පසට බරව නෙලා ඇත. පනේලයේ සමබරතාවට වමතින් උල්‍යෂ්ටියක් හා ලියන උපකරණයක් දක්වා ඇත. පනේලයේ ඉහල කොටසේ රූපාක්ෂර යොදා ඇත.)

සාදයක් සඳහා ගොනෙකු සතරට පළන අයුරු දැක්වෙන කැටයම (සකරා හී ඉඳුත් පාරා කුමරියගේ සොහොන් ගැබෙන් හමුව ඇත.)


මිසර චිත්‍ර

ගොවිතැන්, යුධ දර්ශන , දඩයම් දර්ශන හ්හා විවිධ කර්මාන්ත සිද්ධි පිරමීඩ හා දේවස්ථාන තුල ඇඳ ඇත. ඉන් පාරාවන්ගේ ජීවන තොරතුරු හෙලි වේ. සමාන්තර රේඛා අතර තිරස්ව විහිදී උඅන අයුරින් ඇඳ ඇත. අර්ධ තාත්විකයි. ශෛලීගතය. හයිරොග්ලිෆික්ස් රූපාක්ශර භාවිතා කර ඇත.

කුරුළු දඩයම

  • තීබස් හී නෙබමන් සොහොන් ගෙයින් හමුව ඇත.
  • සාම්ප්‍රදායික හා ස්වාභාවික ලක්ෂණ අතර සම්මිශ්‍රණයකි. 
  • පැපිරස් පත්‍ර අතරින් ඔරුවක නැඟී වංශාධිපතියෙකු දඩයමේ යෙදෙයි. සතුන් ස්වාභාවික පරිමාණයෙන් ඇඳ ඇත.

මීඩම් හී පාත්තයෝ

මීඩම් හී ඉටෙට් නම් මස්ටාබාව තුලින් හමු වී ඇත. 
එකා පසුපස එකා ඇදෙන පාත්ත රැලක සිතුවමකි. ස්වාභාවික පරිමාණයෙන් ඇඳ ඇත.

මිදි කැඩීම



මිසර කලා කරුවෝ දෙවිවරුන් විශාල සංඛ්‍යාවක් වන්දනා මාන කළහ.

  • ඔරිසිස් (Orisis) - මරණය හා සබැඳි දෙවියෙකි. නැතහොත් මරණය පිළිබඳ විනිශ්චය කරන දෙවියෙකි.

  • ඇනුබිස් (Anubis) - මෘත ශරීර නරක් නොවී ආරක්ෂා කරන දෙවියා.

  • රේ (Re) - සූර්‍ය දෙවියා.

  • ඊසිස්
  • හොරස්
  • බල දේවතාවිය


Still Editing.... .... .... .... ....

Friday, 23 November 2018

ඉන්දු නිම්න ශිෂ්ටාචරය

ඉන්දු නිම්න ශිෂ්ටාචරය

                        ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලා නිර්මාණ හමු වන්නේ ඉතාමත් මද වශයෙනි..
මේවා,



  • මිනිස් රූ
  • මුද්‍රා
  • සෙල්ලම් බඩු
  • ආභරණ
  • මැටි බඳුන් වේ.



                       ඉන්දු නිම්න වැසියන් තුල තිබූ ඇදහිලි හා විශ්වාස හා සමාජයීය සසම්බන්ධට්ගා මේ කලා නිර්මාණ තුළ දක්නට ඇත.
                       වෙනත් ශිෂ්ටාචාර හා පැවති සම්බන්ධතා ද ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලා කෘතිවලට බලපා ඇති බව පෙනේ.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේන් හමු වූ කලා කෘති අතර,


  • රතු වැලි ගලින් කරන ලද කවන්ද මිනිස් රුව
  • අළු වැලි ගලින් කරන ලද කවන්ද මිනිස් රුව
  • පූජක් රුව
  • නළඟ මූර්තිය
  • මුද්‍රා
  • මැටි බඳුන් හා ආභරණ


                           එමෙන්ම සුවිශේෂී තැනක් ගනු ලබන මව්දෙවඟන හෙවත් ජගන් මාතා ටෙරාකොටා මූර්ති.

රතු වැලි ගලින් කරන ලද පිරිමි කවන්ද රුව 


  • හරප්පාවෙන් හමු වී ඇති මෙය දැනට නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

  • රතු වැලි ගලින් කරන ලද මෙය පිරිම්ජ් කවන්ධ රුවකි.

  • අඟල් 03 1/2 ක් පමණ උස් වූ මෙම රුව ඉන්දු නිම්න වැසියන් තුළ තිබුණ්ජ් මානව රුව නිර්මාණය කිරීමේ පිළිබඳව වූ දක්ෂතාවය හා කුසලතාවය මැනවින් පිළිබිඹු කරයි.

  • පිරිපුන් දේහ ලක්ෂණයන් වගේම ස්වාකභාවිකත්වය එමෙන්ම මට සිලිටි නිමාව නිසා උසස් ශිල්පීය නිපුණතාව පැහැදිලි කරයි.

  • මෙසපොතේමියානු කලාශිල්පවල ආභාසය මේවාට බලපා ඇතැයි විචාරක මතයයි.

Still Editing.... .... .... .... ....

උසස්පෙළ චිත්‍ර කලාව කෙටි සටහන් pdf

උසස් පෙළ චිත්‍ර විශයට අදාල කෙටි සටහන් වල pdf කිහිපයක් පහත දැක්වේ..


ප්‍රාග් ඓතිහාසික ගුහා චිත්‍ර -(කෙටි සටහන්)

සාංචි, භාරුද්, අමරාවතී කැටයම් වල කෙටි සටහන්


ග්‍රීක කලාව - කෙටි සටහන් පින්තූර සමඟින්..


Still Editing.... .... .... .... ....

ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්

යුරෝපා ඉතිහාසයට ප්‍රථමයෙන්ම අපි අවධානය යොමු කරොත් හොඳයි කියල මට හිතෙනවා.. මොකද ඉතිහාසයට අනුව පැරණිම සිතුවම් අපිට දක්නට ලැබෙන්නෙ මේ යුරෝපා ඉතිහාසය හරහායි.

ඒ යුරෝපා ප්‍රාග් ඓතිහාසික ගුහා චිත්‍රයි..

මෙහිදී මෙම සිතුවම් යුග තුනකට අනුව වෙන් කෙරෙනවා..

එනම්,

  •        පූර්ව ශිලා යුගය (පැලියෝ ලිතික යුගය) (ක්‍රි.පූ. 40000-20000)



  •        මධ්‍ය ශිලා යුගය (මෙසෝ ලිතික යුගය) ( ක්‍රි.පූ. 20000-12000)



  •        අපර ශිලා යුගය (නියෝ ලිතික යුගය) (ක්‍රි.පූ. 12000-5000)



නූතන ශිල්පීන්ට නොදෙවනි  දස්කම් විදහාපාමින් අඳින ලද සිතුවම් රැසක් අපිට මේ යුරෝපා ගුහා ආශ්‍රිතව හඳුනාගන්න ලැබෙනවා..

මේ අතර සුවිශේශී ගුහා කිහිපයකි.
ඒවා අතර අපට ඉගෙන ගන්නට ලැබෙන ගුහා අතර ප්‍රධාන වන ගුහා 05ක තොරතුරු මම සරලව ඉදිරිපත් කරන්නම්..

මෙහිදී ස්පාඤ්ඤයේ ගුහා 02කුත් හා ප්‍රංශ ගුහා 03කුත් පෙන්වා දෙන්න පුළුවන්..

ස්පාඤ්ඤයේ - ඇල්ටමීරා
                           කෝගුල්

ප්‍රංශයේ ඩෝඩෝග්නේ ප්‍රදේශයේ ගුහා-  ලැස්කෝ
                                                                        නියෝ
                                                                       ෆොන් ඩියු ගෝම්


ස්පාඤ්ඤයේ ඇල්ටමීරා හිදී හමුවන සිතුවම්

1. බයිසන්
2. මැමත්
3. පිනිමුවා
4. වෘකයා
5. වල් ඌරා
6. වල් අශ්වයා

ස්පාඤ්ඤයේ කෝගුල්  ගුහාවේ දක්නට ලැබෙන සිතුවම්..

හමුවන චිත්‍ර- නග්න පිරිමි රුවක් වට කර නටන කතුන්.
                         (මානව රූ හමුවන වැදගත්ම තැන.)



ප්‍රංශයේ ලැස්කෝ  ගුහාවේ දක්නට ලැබෙන සිතුවම්..

  1. ගවයන්
  2. අශ්වයන්
  3. පිණි මුවන්
  4. බයිසන්

විශේෂ රූප- The Hall of Bulls ගවයන්ගේ ගුහාව
                       අඩි 17 ක බයිසන් ගව රුව
                       ගව පෙළ
                       ඉදිරියට පනින ගව රුව

ප්‍රංශයේ නියෝ ගුහාවේ දක්නට ලැබෙන සිතුවම්..


  1. හී පාර කාගෙන බිම ඇද වැටෙන බයිසන්
  2. තරබරු මීහරක් දෙදෙනා
  3. අංසහිත පිණි මුවන්


ප්‍රංශයේ ෆොන් ඩියු ගෝම් ගුහාවේ දක්නට ලැබෙන සිතුවම්..


  1. මැමත් පෙරහැර
  2. රයිනෝ සිරස්
  3. අං සහිත පිණි මුවන්
  4. අශ්ව රූ


උසස් පෙළ චිත්‍ර විශය හදාරන ඔබට මගෙන් පුංචි අත්වැලක්

මුලින්ම ආයුබෝවන් කියල පිළිගන්නවා මගේ Blog එක ඔස්සේ සම්බන්ධ වෙන ඔබට.
මම මේ විදිහෙ උසස් පෙළ චිත්‍ර විශයට අදාල කරුණු ඇතුලත් කරලා Blog එකක් නිර්මාණය කිරීමට හිතුවෙ.. මමත් උසස් පෙළ විශයට චිත්‍ර විශය හැදෑරුව නිසා.. මම පාසලේදි චිත්‍ර විශය ඉගෙන ගනිද්දි කිසිම දවසක අමතර පන්තියකට නම් සහභාගි වුණේ නැහැ. නමුත් නිතරම ඒ හා සම්බන්ධ.. චිත්‍ර විශයට අදාල පොත්පත් බොහෝමයක් පරිහරණය කලේ හරිම ආසාවෙන්.. මොකද මගේ ආසම විශය චිත්‍ර නිසා.. ඒ වගේම හොඳ ගුරුවරියක් මට හිටිය නිසා..

ඒ අතර තුරදි තමයි මම අන්තර්ජාලය හරහා තව තවත් කරුණු හොයන්න ගත්තෙ. උසස් පෙළ චිත්‍ර විශයට අදාල තවත් සටහන් කරුණු දැන හොයා ගන්න..

නමුත් බොහොම ටිකයි හොයාගන්න පුළුවන් වුණේ මට.. සිංහල භාශාවෙන් ඇති තොරතුරු..

ඉතින් මට හිතුණා මෙවැනි blog අඩවියක් තිබුණොත් මම වගේම චිත්‍ර විශයට අදාල කරුණු හොයන ගොඩක් නංගිලා මල්ලිලාට උපකාරයක් වෙයි කියලා..

ඉතින් මම තීරණය කරා ArtsNotes Blog අඩවිය නිර්මාණය කරන්න.

චිත්‍ර කලා විශයට අදාල මා දන්නා කරුණු සියල්ලම පාහේ ඔබ හා බෙදාගැනීමට සූදානම්..

ඒ ව්ගේම Blog අඩවිය හරහා සම්බන්ධ වන යාළුවන්ගෙන් කරන පුංචි ඉල්ලීමක් කරන්න මම කැමතියි..

මම මේ ගොනු කරලා තිබෙන කරුණු වල යම් අඩුපාඩු කමක් තියෙනවනම් ඒ පිළිබඳව හා ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා සියල්ලම වගේ පහත කමෙන්ට් බොක්ස් එකේ සටහන් කරන්න ඔයාලට පුළුවන්..

තෙරුවන් සරණයි!!! God bless You!!!