Saturday, 20 July 2019

ඉන්දු නිම්න ශිෂ්ටාචරය

                        ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලා නිර්මාණ හමු වන්නේ ඉතාමත් මද වශයෙනි..
මේවා,

  1. මිනිස් රූ
  2. මුද්‍රා
  3. සෙල්ලම් බඩු
  4. ආභරණ
  5. මැටි බඳුන් වේ.


                       ඉන්දු නිම්න වැසියන් තුල තිබූ ඇදහිලි හා විශ්වාස හා සමාජයීය සසම්බන්ධට්ගා මේ කලා නිර්මාණ තුළ දක්නට ඇත.
                       වෙනත් ශිෂ්ටාචාර හා පැවති සම්බන්ධතා ද ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලා කෘතිවලට බලපා ඇති බව පෙනේ.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේන් හමු වූ කලා කෘති අතර,


  1. රතු වැලි ගලින් කරන ලද කවන්ද මිනිස් රුව
  2. අළු වැලි ගලින් කරන ලද කවන්ද මිනිස් රුව
  3. පූජක් රුව
  4. නළඟ මූර්තිය
  5. මුද්‍රා
  6. මැටි බඳුන් හා ආභරණ

                           එමෙන්ම සුවිශේෂී තැනක් ගනු ලබන මව්දෙවඟන හෙවත් ජගන් මාතා ටෙරාකොටා මූර්ති.


  • රතු වැලි ගලින් කරන ලද පිරිමි කවන්ද රුව
  • හරප්පාවෙන් හමු වී ඇති මෙය දැනට නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
  • රතු වැලි ගලින් කරන ලද මෙය පිරිම්ජ් කවන්ධ රුවකි.
  • අඟල් 03 1/2 ක් පමණ උස් වූ මෙම රුව ඉන්දු නිම්න වැසියන් තුළ තිබුණ්ජ් මානව රුව නිර්මාණය කිරීමේ පිළිබඳව වූ දක්ෂතාවය හා කුසලතාවය මැනවින් පිළිබිඹු කරයි.
  • පිරිපුන් දේහ ලක්ෂණයන් වගේම ස්වාකභාවිකත්වය එමෙන්ම මට සිලිටි නිමාව නිසා උසස් ශිල්පීය නිපුණතාව පැහැදිලි කරයි.
  • මෙසපොතේමියානු කලාශිල්පවල ආභාසය මේවාට බලපා ඇතැයි විචාරක මතයයි.
Still editing.....